ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල හානි ගෙන එනු ඇතැයි චීනය පවසයි

ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල හානි ගෙන එනු ඇතැයි චීනය පවසයි

ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” සංවර්ධනය වෙමින් පවතින රටවලට, විශේෂයෙන්ම අවම සංවර්ධිත රටවලට විශාල හානි ගෙන එනු ඇතැයි චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා පවසයි.

ඊයේ (11) Wang Wentao මහතා සහ ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය වීඩියෝ සංවාදයක නිරත වූහ. ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” ඒකපාර්ශ්වික හිරිහැර කිරීමක් වන අතර, එය මානුෂීය අර්බුදයන්ට හේතු වනු ඇතැයි Wang Wentao මහතා එම අවස්ථාවේදී පැවසීය.

ඇමරිකා‍වේ “අන්‍යෝන්‍ය තීරුබදු”, සැමට සාධාරණ, නොවෙනස්ව ‍සැලකීම, තීරුබදු සීමා කිරීම ඇතුළු ලෝක වෙළඳ සංවිධානයේ මූලික නීති බරපතල ලෙස උල්ලංඝනය කර, ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙලට හා බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරන බව Wang Wentao මහතා අවධාරණය කළේය.

චීනය ඊට එරෙහිව කඩිනම් ප්‍රතිපියවර ගැනීම තම නීත්‍යානුකූල අයිතිවාසිකම් මෙන්ම ජාත්‍යන්තර යුක්තිය ආරක්ෂා කිරීමක් බව ඔහු කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *