චීනයට එරෙහි ඇමරිකාවේ අතිරේක තීරුබදු සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි. ඇමරිකාවේ ධවල මන්දිර නිල වෙබ් අඩවියේ නවතම ප්රකාශනයකට අනුව චීනයේ ප්‍රති පියවර හේතුවෙන් චීනයට එරෙහි ඇමරිකාවේ තීරුබදු 245% දක්වා වැඩි කරන බව සඳහන් කර ඇත. අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, ඒ සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය කුමක්දැයි වාර්තාකරුවෙකු විමසීය.
මෙම තීරුබදු යුද්ධය ආරම්භ කළේ ඇමරිකාව බවත්, චීනය සිය නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා මෙන්ම ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රති-පියවර ගත් බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා පැවසීය. තීරුබදු යුද්ධයක හෝ වෙළඳ යුද්ධයක ජයග්‍රාහකයින් නොමැති බව ද ඔහු පැවසීය. චීනය සටන් කිරීමට කැමති නැති නමුත් සටන් කිරීමට කිසිසේත් ම බිය නොවන බව ඔහු අවධාරණය කළේය.