ඇමරිකාවෙන් හා යුරෝපා සංගමයෙන් ක්‍රියාත්මක ආර්ථික හා වෙළඳ සීමාවලට චීනයේ දැඩි විරෝධය

ඇමරිකාවෙන් හා යුරෝපා සංගමයෙන් ක්‍රියාත්මක ආර්ථික හා වෙළඳ සීමාවලට චීනයේ දැඩි විරෝධය

 මෑතකදී ඇමරිකාව හා යුරෝපා සංගමය චීනයට එරෙහිව නිකුත් කළ ආර්ථික හා වෙළඳ සීමා පැණවීමේ විධිවිධාන, ලෝක වෙළඳ සංවිධානයේ උපමාන උල්ලංඝනය කරන ඒකපාර්ශ්වික විධිවිධාන බව චීන වෙළඳ ප්‍රවර්ධන සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමයේ උප සභාපති චාං ෂාඕගාං මහතා මෙසේ ප්‍රකාශ කළේ අද(28) රාජ්‍ය මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ විධිවිධානවලින්, ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමය පිළිබඳ සහයෝගතාවන්ට අහිතකර බලපෑම් එල්ල වන බවත් රටේ කාර්මික හා වාණිජ පර්ෂදය නියෝජනය කරමින් තම සංගමය හා චීන ජාත්‍යන්තර වාණිජ සංගමය ඊට දැඩි විරෝධතා පළ කරන බවත් ඔහු කීය. වෙළඳපොලේ ආර්ථික ‍රෙගුලාසීන් හා සාධාරණ තරගකාරී මූලධර්මයට ගරු කරමින් සිය වරද කඩිනමින් නිවැරදි කර ප්‍රායෝගිකව ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කර ගන්නා බහුපාර්ශ්වික වෙළඳාම ආරක්ෂා කරන ලෙස එහිදී ඇමරිකාවෙන් හා යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර ඇත. එසේම සාකච්ඡා හා සංවාද මාර්ගයෙන් ගැටළු විසඳා ගෙන පොදු ප්‍රතිලාභ හා පොදු ජයග්‍රහණ තහවුරු කර ගනිමින් ලෝක ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *