ඇමරිකාවෙන් ආනයනය කෙරෙන n-Propanol (NPA) නම් රසායන ද්‍රව්‍ය සඳහා වන ප්‍රති-විරෝධී තීරුබදු පියවර ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් 18 වැනිදා ආරම්භ කරන බව චීනය පවසයි. චීන වාණිජ අමාත්‍යංශය ඊයේ (17) මේ බව සඳහන් කළේය.
මෙම තීරණය ගෙන ඇත්තේ 2025 සැප්තැම්බර් 12 වැනිදා අදාළ කර්මාන්තය නියෝජනය කරන දේශීය NPA නිෂ්පාදකයින් ඉදිරිපත් කළ අයදුම්පතකට අනුව ය. මෙම ප්‍රති-විරෝධී තීරුබදු පියවර අවසන් කිරීමෙන් දේශීය කර්මාන්තයට යළිත් හානි සිදු විය හැකි බව ඔවුහු සඳහන් කළහ.
වාණිජ අමාත්‍යංශයේ නිවේදනයට අනුව, මෙම විමර්ශනය කාලය තුළ ප්‍රති-විරෝධී තීරුබදු බලාත්මකව පවතිනු ඇත. මෙම තීරුබදු පැනවීම පළමුව සිදු කළේ 2020 නොවැම්බර් 18 වැනිදා ය. එතැන් සිට වසර පහක කාලයක් සඳහා ක්‍රියාත්මක එම තීරුබදු අනුපාත පරාසය 254.4% සිට 267.4% දක්වා විය. මෙම විමර්ශනය 2026 නොවැම්බර් 18 වැනිදාට පෙර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
n-Propanol (NPA) යනු ද්‍රාවකයක් සහ රසායනික මධ්‍යස්ථ පදාර්ථයක් ලෙස භාවිතා කරන නිර්වර්ණ ද්‍රව්‍යයකි. එය ආහාර ඇසුරුම් කිරීමේ තීන්ත, ලිතියම්-බැටරි වැනි විද්‍යුත් විච්ඡේද්‍යය අංග නිෂ්පාදනය සඳහා භාවිතා වන අතර, ඖෂධ, ආලේපන, මැලියම් ද්‍රව්‍ය, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් නිෂ්පාදන සඳහා ද වැදගත් අමුද්‍රව්‍යයක් ලෙස සැලකේ.
