ඇමරිකානු ව්‍යවසායන් චීනය සමග සහයෝගිතා තහවුරු කිරීමෙන් දෙරට සබඳතාව නිසි අයුරින් වර්ධනය කිරීම කෙරෙහි චීනයේ එකඟත්වය පල වෙයි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සභික, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, පසුගිය දා බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ඇමරිකාවේ Goldman Sachs සමූහයේ සභාපති, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි John Waldron මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 3වන පූර්ණ සැසිවාරයේ සාරයට අනුගත වෙමින් චීනය ප්‍රතිසංස්කරණ විධිවිධාන හා ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් ලෙස ක්‍රියාවට නංවමින් සිටින බව He Lifeng මහතා එහිදී පෙන්‍වා දුන්නේය. Goldman Sachs සමූහය ඇතුළු ඇමරිකානු මූල්‍ය ආයතන හා දීර්ඝ කාලීන ප්‍රාග්ධන ව්‍යාපෘති චීනය සමග එක්ව අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතා තවදුරටත් පැවැත්වීම පිළිගන්නා බව ද චීන උප අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
චීනයේ ආර්ථික වර්ධනය හා අනාගතය කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති Goldman Sachs සමූහය, චීනය සමග පවතින සහයෝගිතා අඛණ්ඩ ව තහවුරු කරමින් දෙරට ආර්ථික හා වෙළඳ සහයෝගිතා වෙනුවෙන් දායක වීමට සූදානම් බව John Waldron මහතා එහිදී කියා සිටියේය.