ඇමරිකාව සහ චීනයේ තායිවාන ප්‍රදේශය අතර ඕනෑම නිල හුවමාරුවකට චීනය තරයේ ම විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
ඇමරිකානු කොංග්‍රස් සාමාජිකයෙක් චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය.
ඇමරිකාවේ එම කොංග්‍රස් සාමාජිකයාගේ සංචාරය එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන බරපතල ලෙස උල්ලංඝනය කරන අතර, එය චීනයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව අඩපණ කිරීමක් බව ද Guo Jiakun මහතා පෙන්වා දුන්නේය. තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥාවක් නිකුත් කරන එම ක්‍රියාව චීනය දැඩි ව හෙළා දකින බව ඔහු පැවසීය.
ලෝකයේ ඇත්තේ එකම චීනය පමණක් වන අතර, තායිවාන ප්‍රදේශය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි. චීනයේ තායිවාන ප්‍රදේශය සමඟ නිල හුවමාරු සිදු කිරීම හා චීන තායිවාන සමුද්‍ර සන්ධියේ ආතතීන් ඇති කිරීම වහාම නවත්වන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව Guo Jiakun මහතා අවධාරණය කර ඇත.
