ඇතැම් දුර්ලබ ඛනිජ අපනයන ඉල්ලුම්පත් සඳහා චීනයේ අනුමැතිය

ඇතැම් දුර්ලබ ඛනිජ අපනයන ඉල්ලුම්පත් සඳහා චීනයේ අනුමැතිය

චීනය ඇතැම් දුර්ලබ ඛනිජ අපනයන ඉල්ලුම්පත් සඳහා අනුමැතිය ලබා දෙයි. ගෝලීය වශයෙන් මධ්‍යම හා දැඩි ඛනිජ මූලයන් වෙනුවෙන් පවතින ඉල්ලුම සලකා මෙම පියවර ගත් බව චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් ඊයේ (07) සඳහන් කළේය.

රොබෝ තාක්ෂණය හා නව බලශක්ති මෝටර් රථ වෙනුවෙන් එම මූලයන් සඳහා දැඩි ඉල්ලුමක් පවතී. හමුදා හා සිවිල්  යන ද්විත්ව කටයුතු වෙනුවෙන් භාවිත කෙරෙන‍ දුර්ලබ ඛනිජ මූලයන් වෙනුවෙන් අපනයන සීමා පැනවීම ජාත්‍යන්තර භාවිතයට අනුකූල බවද හෙතෙම පැවසීය. එය ජාතික ආරක්ෂාව හා ප්‍රතිලාභයන් ආරක්ෂා කිරීමේ පියවරක් වන අතර නිර්ව්‍යප්ත ජාත්‍යන්තර බැදීම් , ලෝක සාමය හා කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමේ චීනයේ කැපවීම ඉන් පිළිබිඹු වන බවද එම ප්‍රකාශකයා පැවසීය.චීනය අදාළ රටවල් සමග සංනිවේදන හා සංවාද වර්ධනය කරමින් වෙළදාමට අනුකූලව  ක්‍රියා කරන අතරම අදාළ ඉල්ලුම්පත් සමාලෝචනය ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කරන බවද  ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *