ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත්තේය.
ඔස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ බ්‍රිස්බේන්හිදී නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් තමා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව අශ්වින් නිවේදනය කළේය.
කෙසේ වෙතත් අශ්වින් මේ තරගයට ක්‍රීඩා නොකළ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇඩිලේඩ්හිදී පැවති මේ තරගාවලියේ දෙවැනි තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය විය. මේ වන විට ටෙස්ට් තරග 106ක් ක්‍රීඩා කර ඇති 38 හැවිරිදි අශ්වින් එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 537කි. එය ඉන්දීය පන්දු යවන්නකු දවාගත් දෙවැනි වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවයි. ඔහු ශතක 6ක් සහ අර්ධ ශතක 14ක් සමඟ ලකුණු 3503ක් රැස් කිරීමට ද සමත්ව ඇත. 2022 වසරේ විස්සයි20 පිටියෙන් සමුගත් අශ්වින් පසුගිය වසරේ එක්දින තරගවලින්ද ඉවත් විය.