අනුස්මරණ උත්සවයේ මාධ්‍ය මධ්‍යස්ථානය අගෝස්තු මස 27 බෙයිජිං හි දී විවෘත වෙයි

අනුස්මරණ උත්සවයේ මාධ්‍ය මධ්‍යස්ථානය අගෝස්තු මස 27 බෙයිජිං හි දී විවෘත වෙයි

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන විරෝධී යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වීමට නියමිත අනුස්මරණ වැඩසටහන්වලට අදාළ මාධ්‍ය මධ්‍යස්ථානය අගෝස්තු මස 27 වන දින බෙයිජිං හි දී විවෘත වේ.

මෙය බෙයිජිං Media Center හෝටලයේ ස්ථාපිත කර ඇති අතර අදාළ වැඩසටහන් හි න්‍යායපත්‍රයන්ට අනුකූලව ක්‍රියාත්මක කෙරේ. චීන සහ විදෙස් මාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය සම්මුඛ සාකච්ඡාවලට අදාළ සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවීම මෙන්ම අදාළ තාක්ෂණික සහාය, තොරතුරු ලබා දීම, විමසීම් සඳහා ද පහසුකම් සැපයේ.

විදෙස් මාධ්‍යවේදීන්ට අදාළ තොරතුරු දුරකථන මාර්ගයෙන්, ෆැක්ස් මගින් මෙන්ම නිල වෙබ් අඩවිය, WeChat, Weibo සහ Toutiao හි සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ අද(25) සිට ලබා ගත හැකිය.

උත්සවයන්ට අදාළ නිවේදන, මාධ්‍ය සාකච්ඡා, කෙටි සාකච්ඡා සහ වාර්තාකරණ චාරිකා පිළිබඳ විස්තර ඒ ඔස්සේ බෙදා දෙනු ඇත.

(දුරකථන අංක – 010 68510108 – වෙබ් අඩවිය https://www.kzjn80.cn)

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *