චීන-ඉන්දුනීසියානු විදේශ සහ ආරක්ෂක ඇමතිවරුන් අතර “2+2” සංවාද යාන්ත්‍රණයේ පළමු අමාත්‍ය මට්ටමේ රැස්වීම (21) චීනයේ බෙයිජිං නුවර දී පැවැත්විණ. චීන විදේශ ඇමති වං යී මහතා, චීන ජාතික ආරක්ෂක ඇමති Dong Jun මහතා, ඉන්දුනීසියානු විදේශ ඇමති Sugiono මහතා හා එරට ජාතික ආරක්ෂක ඇමතිවරයා යන සිවු දෙනෙකුගේ ප්‍රමූඛත්වයෙන්, මෙම රැස්වීම පැවැත්විණ.
දෙපාර්ශ්වයම එහිදී අවධාරණය කළේ, චීන-ඉන්දුනීසියා නායකයන්ගේ එකඟතා මත පදනම්ව, දෙරට අතර මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ උපායමාර්ගික සහයෝගීතාවන් ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කරනු ඇති බවයි. එමෙන්ම දෙරට අතර පුළුල් උපායමාර්ගික සංවාද යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටත් දෙපාර්ශ්වයම තීරණයකට එළඹිණ. එසේම නීතිය ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා, චීනය සහ ඉන්දුනීසියාව අතර නිරායුධකරණය, අවි ව්‍යාප්තිය වැළැක්වීම හා අවි පාලනය කිරීම පිළිබඳ උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට දෙපාර්ශ්වයෙන්ම එකඟත්වය පළ විය.
“දකුණු චීන මුහුදේ සියලු පාර්ශ්වයන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රකාශය” සම්පූර්ණයෙන්ම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කරනු ඇති බවත්, ” දකුණු චීන මුහුදේ හැසිරීමේ සංග්‍රහය” පිළිබඳ උපදෙස් කඩිනමින් ප්‍රවර්ධනය කරනු ඇති බවත්, ඔවුහු එහිදී නැවතත් සඳහන් කළහ.