ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෑතක දී ද්විපාර්ශ්වික වෙළඳාම මත පදනම්ව ඒ ඒ රටවල්වලට සිදු කළ තීරුබදු පැනවීම 1930 දශකයේ සිට මේ දක්වා රටක් විසින් සිදු කරනු ලබන ඉතා විශාලතම ආරක්ෂණවාදී පියවර ලෙස හඳුනාගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කුලනි විජයබාහු මහත්මිය පවසයි. ලිබරල් ලෝක පර්යායට, බ්රිට්න්වුඩ් සම්මුතියට නායකත්වය සපයන ඇමරිකාව විසින්ම, ඔවුන් බලාපොරොත්තු වූ වෙළඳ ගමන් පථය ආපසු හරවමින් දේශීයත්වයට නැඹුරු වූ ලෝක වෙළඳපොල තුළ අන්‍යෝන්‍ය වාසි පිළිබඳව අවධානයක් යොමු නොකොට සිදු කරන ලද අලුත් තත්ත්වයක් ලෙස මෙය ලෝකය හඳුනාගෙන ඇත. ඇමරිකාව ලෝක වෙළඳපොල තුළ සිදු කරන ගණුදෙනු වල ස්වභාවය නිසාවෙන්ම මෙම නව තීරුබදු පැනවීම ලෝක වෙළඳපොලට සිදු කරන බලපෑම අප වඩාත් සාකච්ඡාවට බඳුන් කිරීම අවශ්‍ය වේ. එයට හේතුව වන්නේ ඔවුන් වෙළඳපොල තුළ අත්කරගෙන ඇති ප්‍රමාණය මත, ඔවුන්ට වෙළඳපොල ඉල්ලුම සහ සැපයුමට සිදු කළ හැකි බලපෑම ඉතාම ඉහළ මට්ටමක පැවතීමයි. ඒ අනුව සලකා බලන විට මෙම නව තීරුබදු පැනවීම විවිධ රටවල වෙළඳාමට ඉතා විශාල බලපෑමක් සිදු කරන බව කුලනි විජයබාහු මහත්මිය කියා සිටී.
මෙම නව තීරුබදු පැනවීම හේතුවෙන් විශේෂයෙන්ම ඇමරිකාවේ අසල්වැසි රාජ්‍යන් වන කැනඩාව වැනි රටවල් සහ සිය සාම්ප්‍රධායික මිත්රයින් වන යුරෝපා සංගමය වැනි කණ්ඩායම් මෙන්ම 2018 වසරේ පමණ සිට වෙළඳ අර්බුදයක් කරා ඈදාගෙන ඇති චීනය වැනි රටවල් මේ නව තීරුබදු පැනවීමට විවිධ ප්‍රතිචාර දක්වා ඇත. ඇමරිකානු තීරුබදු පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස ලොව කොටස් වෙළඳපොල බිඳවැටීමක් මෙන්ම ලෝක වෙළඳ වර්ධන අනුපාතයේ යම් බිඳ වැටීමක් මේ වන විට වාර්තා වී තිබේ.
වෙළඳපොල භාණ්ඩ හා සේවාවන් සඳහා පවතින මිල සඳහා ද මෙම තීරුබදු පැනවීම් බලපෑම් ඇති කරයි. විශේෂයෙන්ම ආනයනික ඉහළ බදු පැනවීම හේතුකොට ගෙන නිෂ්පාදන පිරිවැය වැඩිවීමට ඇති හැකියාව, අමුද්‍රව්‍ය මිල ඉහළ යාමේ ප්‍රවණතාවය හේතුවෙන් භාණ්ඩ හා සේවා සඳහා පවතින මිල ඉතා ඉහළ යාමට වැඩි ප්‍රවණතාවයක් පවතී. ඇලුමිනියම්, යකඩ, තඹ වැනි ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් මෝටර් රථ කර්මාන්තයේ මිල සීඝ්‍ර ලෙස වැඩිවීමේ හැකියාවක් ඇත. මෙහි බලපෑම ලොව රටවලට දැනෙනවා සේම එහි ප්‍රතිවිපාක ඇමරිකාවට දැනීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතින බව ඇය පැවසුවාය.
ඊට අමතරව ඉදිරියේ දී වෙළඳ රටාවන්ගේ යම් යම් වෙනස්කම් ලෝකය තුළ ඇතිවීමට හැකි හැකියාව ඉතා ඉහළය. ඇමරිකාව සිදු කරන තීරුබදු ඉහළ දැමීමේ සෘජු බලපෑමෙන් මිදීමට වෙනත් විකල්ප රාජ්‍යන් සමග ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් හෝ බහුපාර්ශ්වික වශයෙන් තම වෙළඳාම ශක්තිමත් කර ගැනීමට උත්සාහ ගනු ඇත.
ශ්‍රී ලංකාවේ ද ඇමරිකාව සමග සිදුකරන වෙළඳ අපනයන මත පනවා ඇති තීරුබදු ඉහළ මට්ටමක පවතින බැවින් එම අමුද්‍රව්‍ය මිලදී ගැනීමට වෙනත් විකල්ප වෙළඳපොල සහ අවස්ථා සොයා යාමට ඇති අවස්ථා වැඩි විය හැකිය.
නව තීරුබදු හේතුවෙන් නැඟී එමින් පවතින වෙළඳපොලවලට ද බලපෑමක් ඇති වනු ඇත. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇමරිකානු අපනයනයන් මත රඳා පවතින අතර වැඩි තීරුබදු හේතුවෙන් එම වෙළඳපොලවලට ද ඇති විය හැකි බලපෑම ඉහළ යනු ඇත.
මේ අතර ලොව වෙළඳපොල තුළ පවතින අවිනිශ්චිතභාවය පිළිබඳ වැඩි වීමක් දක්නට ලැබිය හැකිය. විශේෂයෙන්ම අප්‍රෙල් 01 වැනිදා සිට අප්‍රෙල් 09 වැනිදා දක්වා කාලය තුළ ලොව කොටස් වෙළඳපොල දර්ශකයන් ඉතාම සැලකිය යුතු මට්ටමිකින් බිඳ වැටීමකට ලක් විය.
තීරුබදු පැනවීම නිසා ලෝකයාට මුහුණ දීමට සිදු වන ප්‍රධානමතම බලපෑම වන්නේ ලෝක වෙළඳ සංගමය මුල් කර ගත් ලෝක පර්යාය බිඳ වැටීමයි. ලෝක වෙළඳ සංගමය මුල් කර ගත් නීති රීති මත පදනම් වූ ලෝක පර්යායක් පශ්චාත් දෙවන ලෝක යුද සමයේ සිට පැවතුන අතර, එය නරක ලෙස වෙනස් වෙමින් පවතී. ලෝකයේ සියලු රටවල් එකාවන්ව සමසාධාරණ වෙළඳාමෙහි නියැළෙනවා වෙනුවට තමන් තනි තනිව තම දේශීය ප්රතිපත්තීන් සහ ජාතිකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළ යම් වෙළඳ ගැටලු ඇති වුවහොත් එය හුදෙක් ආර්ථිකමය යුද්ධයකට පමණක් සීමා නොවී ආතතීමය තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩ ඉතාම ඉහළ මට්ටමික පවතී. පවත්නා සම්පත් ප්‍රමාණය සීමිත වන අතර එම සම්පත් ලෝකය තුළ බෙදී යාමේ දී බලයෙන් සහ හැකියාවෙන් බලපෑම් කිරීමට හැකි රාජ්‍යන් එම සීමිත සම්පත් නතු කර ගැනීමත් සමග ලෝකයේ සැපයුම් පද්ධතියට කළ හැකි බලපෑම ඉහළ යනු ඇත. තීරුබදු පැනවීමත් සමග ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ ආයතනයෙන් ලෝක වෙළඳ වර්ධන වේගයේ යම් අඩුවීමක් සිදු විය හැකි බව ට නිකුත් කළ වාර්තාව පෙන්නුම් කරන්නේ මෑතක දී අත්විඳි කොවිඩ් අර්බුදය හේතුවෙන් සිදු වූ ආර්ථික බලපෑමට වඩා වැඩි බලපෑමක් මෙම තීරුබදු නිවේදනයත් සමග ඇති වූ බවයි. ඇමරිකාව මේ වන විට තමන් සමග සාකච්ඡා කිරීමට ලොව රටවල් පෙළගැසෙනු ඇතැයි අපේක්ෂා කරයි. එම අවස්ථාවෙන් ඇමරිකාවේ උවමනාවන් හසුරවා ගැනීමට සහ සෙසු රටවල් පාලනයට ඇමරිකාව දරන උත්සාහය මෙම වෙළඳ තීරුබදු තීරණය පිටපස ඇති අරමුණු අතර පවතින බවක් පෙනේ. මේ සියල්ල ලෝකයට නව අර්බුදයන් ප්‍රවේශ කරන අතර ඒ තුළින් ලෝකයට විශාල බලපෑම් එල්ල විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කුලනි විජයබාහු මහත්මිය සඳහන් කළාය.