අන්තර්ජාතික වශයෙන් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහස් හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීම පිළිබඳව චීනයේ සූදානමක්

අන්තර්ජාතික වශයෙන් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහස් හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීම පිළිබඳව චීනයේ සූදානමක්

විවිධ පාර්ශ්වයන් සමග එක්ව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහස් හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

බුද්ධිමය තාක්ෂණ වැඩිදියුණුව වෙත චීනය ඉහළ අවධානයක් යොමු කරයි. කෘත්‍රිම බුද්ධි නිර්මාණශීලීත්වයෙන් වැඩිදියුණු කිරීම චීනය තහවුරු කරන බවත් එහි ආරක්ෂාව වෙත විශේෂ සැලකිල්ලක් දක්වන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ DeepSeek සමාගම පිළිබඳ නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසීය. ව්‍යවසායන් ස්වයං ලෙස නවෝත්පාදනයන්හි නිරත වීමට සහාය දක්වන අතර, ගෝලීය වශයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ වැඩිදියුණුවට දායකත්වයක් ලබා දීමට චීනය සූදානම් බව ද ඔහු සඳහන් කළේය.

එසේ ම, මතවාදය හා ජාතිකාරක්ෂාව මුවාවෙන් ආර්ථික, වෙළඳ, විද්‍යා හා තාක්ෂණ ප්‍රශ්න දේශපාලනීකරණයට ලක් කිරීමට එරෙහිව චීනය විරෝධය පළ කරන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *