අධ්‍යාපනය රටක් සවිබලගැන්වීම හා ජාතික පුනරුදය සඳහා වන වැදගත් අඩිතාලමක්- චීන ජනපති

අධ්‍යාපනය රටක් සවිබලගැන්වීම හා ජාතික පුනරුදය සඳහා වන වැදගත් අඩිතාලමක්- චීන ජනපති

අධ්‍යාපනයෙන් රට සවිබලගැන්වීමට පියවරෙන් පියවර කටයුතු  කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. චීනයේ 40වන ගුරු දිනය නිමිති කරගෙන චීන ජාතික අධ්‍යාපන සම්මේලනය අද (10) බෙයිජිං නුවරදී පැවැත්විණ. ෂී ජින් පිං ජනාධිපතිවරයා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්විය.

අධ්‍යාපනය රටක් සවිබලගැන්වීම හා ජාතික පුනරුදය සඳහා වන වැදගත් අඩිතාලමකි. කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසයේ සිට මේ දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය කෙරෙහි රජය දැඩි අවධානය යොමු කර ඇතැයි හෙතෙම දේශනයෙන් කියා සිටියේ ය. වසර 2035 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රබල රටක් බවට පත් වීම චීනයේ ඉලක්කයයි. එම ඉලක්කය සාක්ෂාත් කිරීම අභියෝගයක් වුව ද , පක්ෂයේ අධ්‍යාපන ප්‍රතිපත්ති අනුගමනය කිරීම, විද්‍යාව හා තාක්ෂණයෙන් රට පුනර්ජීවනය කිරීමේ උපායමාර්ගය සහ අධ්‍යාපනයේ නවීකරණය වේගවත් කිරීම මගින් ඉලක්කය සපුරාගත හැකි බව චීන ජනාධිපතිවරයා ‍පවසයි. ගුරුවරුන්ගේ වෘත්තීය හැකියා සංවර්ධනය ශක්තිමත් කරමින් සර්ව නිපුණත්වයෙන් යුත් සිසු පරපුරක් බිහි කළ යුතු ය. එමෙන් ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉන් සියලු තරාතිරම්වල ජනතාවට සෙත සලසා දිය යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විදේශ රටවල් සමග හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කරමින් ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ චීනයේ බලපෑම අඛණ්ඩව පුළුල් කිරීමේ අවශ්‍යතාව ද චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *